පොල් ලී මඩුවේ චන්දරේගේ පුතා දැන් බුවනෙකබාහු රජතුමා වෙලා! මං ඉන්නකල් නගරාධිපතිගේ මයිලකට අත තියන්න දෙන්නේ නෑ! – ජොන්ස්ටන්

July 21, 2020 at 10:52 am | by emanisa.lk

ආන්දෝලනයකට ලක්ව ඇති කුරුණෑගල ගොඩනැගිල්ල බුවනෙක හෝටලය ආරම්භ කිරීම සඳහා 35 වසරක බදු පදනම යටතේ එජාප හිතවතෙකුට ලබා දුන්නේ හිටපු එජාප ඇමතිවරයෙකු වන ගාමිණි ජයවික‍්‍රම පෙරේරා විසින් බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.

කුරුණෑගල නගර සභාවේ එජාප සහ සියලු මන්ත්‍රීවරුන් එක්ව පොදු තීරණයක් ගෙන එම ගොඩනැගිල්ල ආපසු පවරා ගත් බවද ඔහු පැවසීය.

එම හෝටලය පොල් ලී මඩුවේ චන්ද්‍රසේන යන අයෙක්ට බදු පදනම යටතේ ලබාදී තිබු බවත් ඔහුගේ පුතා බුවනෙක බවත් පවසන ජොන්ස්ටන් දැන් කියනා පරිදි බුවනෙකබාහු රජතුමා වී ඇත්තේ ලී මඩුමේ චන්දරේගේ පුතා බවත් ෙකියයි.

තමන් කුරුණෑගල නායක ලෙස සිටින තාක්කල් කුරුණෑගල නගරාධිපතිවරයා මයිලකට අත තැබීමට කිසිවකුට ඉඩ නොතබන ඔහු සඳහන් කළේය.

කුරුණෑගලදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් කරනු ලැබීය.

https://www.facebook.com/rangika.kumari.718/videos/363524751312297/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස