පොම්පියෝ සිටි හෝටලයේ දෙන්නෙකුට කොරෝනා!

November 3, 2020 at 10:41 am | by emanisa.lk

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ රැඳී සිටි හෝටලයේ දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අනාවරණය කරයි.

එහෙත් ඒ බව කිසිවකු නොදන්නේ යැයි ද ඔහු පැවසීය.

අද වන විට වර්තමාන ආණ්ඩුව අසමත් වී ඇති බවත් සෞඛ්‍ය ඇමතිනිය ගංගාවලට කළ අතහරිනවා වෙනුවෙට ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවද ඔහු කියා සිටියේ ය.

තමනට ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඇත්තේ කණගාටුවක් යයි ද ඔහු සඳහන් කළේ ය.

සමගි ජන බලවේගය මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ හෙළි කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස