ඇමරිකා-චීන බල අරගලයට මැදිවෙන්න සූදානම් නෑ! අපි හැමදාම ඉන්නේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියේ! – පොම්පියෝ හමු වූ ජනපති කියයි..

October 28, 2020 at 2:35 pm | by emanisa.lk

ලෝක බලවතුන්ගේ බල අරගලයෙහි කොටස්කරුවන් වීමට ශ්‍රී ලංකාවට කිසිදු සූදානමක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ශ්‍රී ලංකාව සෑම විට ම නො බැඳී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හමු වීමෙන් පසු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හෙතෙම මේ බව අවධාරණය කර තිබේ.

ආරක්ෂක සහයෝගිතාව සඳහා ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ අදහස අගය කරන බව ද එහි වැඩි දුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස