ඇමරිකානු රාජ්‍ය ලේකම් ජනපති හමුවෙයි!

October 28, 2020 at 11:01 am | by emanisa.lk

මෙ රටට පැමිණ සිටින අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද (28) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊයේ (27) සවස මෙ රටට පැමිණි අතර ඔහු මෙ රටට පැමිණියේ ඉන්දීය සංචාරයකින් අනතුරුව ය.

මේ අතර, අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හමුව පිළිබඳව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. එය පහත දැක්වෙයි.

“වසංගතයෙන් පසුව ආර්ථිකය යථා තත්වයට ගෙන ඒමේ දී වැදගත් අංග වන විනිවිදබවින් යුත් වෙළඳ සහ ආයෝජන කටයුතු පිළිබඳව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සඳහා අපගේ පොදු කැපවීම පිළිබඳව සාකච්ඡා කිරීමට පොම්පෙඕ රාජ්‍ය ලේකම්තුමා අද දින රාජපක්ෂ ජනාධිපතිතුමා හමුවිය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *