පොම්පියෝ එන්නේ එම්.සී.සී. විතරක් නෙමෙයි සෝෆා ගිවිසුමත් අත්සන් කරන්න! – පාඨලී

October 27, 2020 at 7:22 am | by emanisa.lk

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මෙරටට එන්නේ එම්.සී.සී. ගිවිසුම පමණක් නොව ඇක්සා ගිවිසුමේ දිගුවක් වන සෝෆා ගිවිසුම ද අත්සන් කරගන්නට බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුව අමතමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ සෝෆා ගිවිසුම හරහා ඉන්දියානු සාගර කලාපය තුළ යැංකි බලවේගයන්ට ඉඩ ලබාදීමට රාජපක්‍ෂ පාලනය අවසර ලබාදී ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී ඉතා භයානක තත්ත්වයක් ඇතිවනු ඇතැයිද, ලෝක බල කඳවුරු දෙකක් වන එක් පසෙකින් ඇමෙරිකාව, ජපානය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ද, අනෙක් පසින් චීනය, රුසියාව, පාකිස්තානය සහ ඉරානය අතර ද ඇති වන අර්බුදකාරී තත්ත්වයට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇතැයි ඔහු අනතුරු අඟවා සිටියේ ය.

එබැවින් මේ මෙහොතේ ජනාධිපති හෝ අගමැති එම්.සී.සී. ගිවිසුම එම නමක් හෝ වෙනත් නමකින් අත්සන් නො කරන බවට සහතිකයක් වහා දිය යුතු බව මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස