MCC ගිවිසුම පිළිබඳ අවසාන තීරණය ලංකා ආණ්ඩුව අතේ! – ඇමරිකාව පියවරක් පසුපසට ගනිමින් කියයි….

October 28, 2020 at 9:23 pm | by emanisa.lk

මතබේදයට තුඩු දී ඇති MCC ගිවිසුම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ නිදහස ලංකාව සතු බවත් කුමන තීරණයක් ගනු ලැබුවද දෙරට අතර සබඳතා වෙනස් නොවනු ඇති බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි.

දෙරණ රුපවාහිනී නාලිකාවක සමග විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති විශේෂ සම්මුඛ සාකච්ජාවක දී ඔහු මේ බව සඳහන් කර ඇත.

“අප විසින් ලංකාවට පිරිනමා ඇති බොහෝ දේ අතුරින් MCC කියන්නේ එකක්. එය නො ගැලපේ යැයි ශ්‍රී ලංකාව තීරණය කළහොත් එවිට ශ්‍රී ලංකාව තීරණය කරාවි එය පිළිනොගෙන සිටීමට. අපගේ සබඳතාවේ ශක්තිය, ගැඹුර සහ සංකීර්ණත්වය එක් ගනුදෙනුවකට හෝ එක් අවස්ථාවකට වඩා එහා ගිය එකක්.”

චීන ආයෝජන ඔහු මෙසේ පැවසී ය.

“අමෙරිකාව නිරතුරුව ම ඉදිරිපත් කරන්නේ සමාගම්. පෞද්ගලික ආයෝජන, හවුල්කාරීත්වය සහ මිත්‍රත්වය. අපි රාජ්‍ය අනුග්‍රහය ලබන ව්‍යවසායකයන් හෝ සමාගම් සමග එන්නේ නෑ.

අපි ණය පැකේජ සමග එන්නේ නෑ. එම ණය පැකේජ ගෙවන්නත් අමාරුයි. අපි එවැනි ණය භාවිත කරලා රටවලට යම් යම් දේ කිරීමට බලපෑම් කරන්නේ නෑ. ඒවා එකිනෙකට වෙනස් මොඩල දෙකක්. එකක් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අනෙක කුරිරු ඒකාධිපති මොඩලයක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *