ඇමරිකාවට එරෙහිව ජවිපෙ සටනට බසී! පොම්පියෝගේ සංචාරයට එරෙහිව කොළඹ විරෝධතා!

October 27, 2020 at 1:35 pm | by emanisa.lk

එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණිමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වේ.

මයික් පොම්පියෝ මෙරටට පැමිණිමට එරෙහිව තානාපති කාර්යාලයක් වෙත ලිපියක් බාරදීමට ද ඔවුන් කටයුතු කර තිබේ.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරය දකුණු ආසියානු කලාපය තම ඇමරිකා වුවමනා අනුව හසුරුවා ගැනීමේ එක් ක්‍රියාවක් බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

ශ්‍රී ලංකාව ද ඔවුන්ට වුවමනා පරිදි ගිවිසුම්ගත කරගැනීමට මෙම සංචාරයේදී සූදානම් කර ඇතැයි විරෝධතාවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

විරෝධතාව හේතුවෙන් ඒ අවට පොලිස් ආරක්‍ෂාව දැඩි කර තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරණයට දින ගණනක් ඉතිරිව තිබියදී ඔහු මෙසේ ආසියාවේ හදිසි සංචාරයක නිරතවීම ද සංවාදයට තුඩු දී ඇති කරුණක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස