මට රාජ්‍ය බලය දුන්නොත් ජාත්‍යන්තර ආධාරවලින් සංවර්ධනය ජනතාවගේ දෙපා මුල‍ට ගේනවා! – සජිත්

August 8, 2019 at 10:20 pm | by emanisa.lk

තමන්ට රාජ්‍ය බලය ලබා දෙන්නේ නම් මාස 6ක කාලයක් තුළ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වා ජාත්‍යන්තර ආධාර මෙරටට ගෙන්වා ගෙන උතුරු නැගෙනහිර පළාතේ යුද්ධයෙන් විනාශ වු ගම් නියංගම් සිසාරා ජනතාවගේ කකුල් දෙක අසළට සංවර්ධනය ගෙන එන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජෝසප්වාස් ප්‍රදේශයේ ඉදි කළ ජෝසප්වාස්නගර් සහ ජෝසප් පුරම් උදා ගම්මාන දෙක අද (08) ජනතා අයිතියට පත් කිරීම අවස්ථාවේ ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස