පුස්තකාලේ විතරක් නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණ බිල්ඩිම දුන්නේ අපි….! ඒක අපෙන් ඉල්ලුවේ නුඹේ නායකයාගේ තාත්තා…! – චීන එම්බසියේ පිළිතුරෙන් සජිත්ගේ ගෝලයා හාන්සියි…..

May 24, 2021 at 11:16 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැඟිලි පරිශ්‍රය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ ඉල්ලීම පරිදි චීන රජය විසින් 1989 වසරේ දී පරිත්‍යාග කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

සමගි ජන බලවේගයේ තරුණ පෙරමුණේ මාධ්‍ය ලේකම් රසික ජයකොඩි විසින් චීන රජයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා ඩිජිටල් පුස්තකාල පහසුකම් ලබා ගැනීම සඳහා අරමුදල් ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්න කරමින් තැබූ ට්විටර් සටහනකට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකාව සහ චීනය අතර රබර් සහල් ගිවිසුමක් පැවැති බවත් බණ්ඩාරනායක සමරු රඟහල, නෙලුම් පොකුණ ද ශ්‍රී ලංකාවට ඉදිකර දුන් චීනය කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට සහයෝගය ලබා දුන් බව ද චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

එහෙත් වසර 70ක චීන ශ්‍රී ලංකා සබඳතාවල දී චීනය ශ්‍රී ලංකාවට කුමන ආකාරයක හෝ පීඩනයක් එල්ල කළේ දැයි චීන තානාපති කාර්යාලය ප්‍රශ්න කරයි.

ශ්‍රෙෂ්ඨාධිකරණයේ පුහුණු මධ්‍යස්ථානය ගොඩනැඟීමට ඇමරිකානු USAID ආධාර ගැනීම ඔබ ප්‍රශ්න නොකරන්නේ මන්දැයි එහි වෙනත් පාර්ශ්වයක් විසින් රසික ජයකොඩගෙන් ප්‍රශ්න කර තිබේ.

චීන තානාපති කාර්යාලය විසින් ඉදිරිපත් කළ තියුණු කරුණු හමුවේ රසික ජයකොඩි දැඩි අසීරුතාවට පත්ව නිහඬ වූ ආකාරයක් දැකිය හැකි ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස