අවධානම ඉහළට! ගුවන්තොට අමුත්තන්ට වැසෙයි! චීනුන්ට on arrival වීසා නවතයි!

January 28, 2020 at 10:29 am | by emanisa.lk

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම නවතා දැමීමට අද (28) සිට තීරණය කර තිබේ.

අද දින උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙන තුරු මෙලෙස ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම අත්හිටුවීමට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර ඇත.

මේ අතර චීනයේ සිට පැමිණෙන සංචාරකයින් සඳහා ON ARRIVAL වීසා නිකුත් කිරීම වහාම අත්හිටුවීමටද ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස