පුටීන්ගේ හමුදාපති ශ්‍රීි ලංකාවට! ප්‍රධාන ආරාධිතයෙක් ලෙස නිදහස් උළෙලට!

February 3, 2020 at 3:06 pm | by emanisa.lk

රුසියානු ජනරජයේ හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සල් යුකෝව් අද (03) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ලංකාවට පැමිණියේය.

ඔහු සමග රුසියානු ජනරජයේ තවත් උසස් හමුදා ප්‍රධානීන් සිව් දෙනෙක් ද දූත පිරිසට එක්ව සිටිති.

මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඇතුළු උසස් හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

ජෙනරාල් ඔලෙග් සල්‍ යුකෝව් හෙට (04) දින පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීමට නියමිතය.

එසේම රුසියානු හමුදා ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාපතිවරුන් ද මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස