පශ්චාත් උපාධි දෙකක් ඇති ආචාර්ය ගෝඨාභය එක්ක විවාදයට කලින් සජිත් O/L සර්ටිපිකේට් එක පෙන්වනු! – ගම්මන්පිලගෙන් සජිත්ට අභියෝගයක්… (video)

November 5, 2019 at 8:58 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂට කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද චෙන්නයි ආරක්ෂක විද්‍යාලයේ යුද කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ද හිමි කොටි ත්‍රස්තවාදය නිමා කිරීම නිසා කොළඹ විශ්වවිද්‍යාලය සම්මානිත ආචාර්ය උපාධියකින් පිදූ අයකු බවත් ඔහු සමග විවාදයකට අභියෝග කිරීමට පෙර සජිත් ප්‍රේමදාස සිය සාමාන්‍ය පෙළ සමත් විභාග සහතිකය රට හමුවේ තැබිය යුතු බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

සජිත් ප්‍රේමදාස සාමාන්‍ය පෙළ අසමත් යැයි කියන්නේ තමන් නොව එජාප උප නායක රවී කරුණානායක බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රුසියාව ගොඩනඟන ව්ලැඩිමිර් පුටින්ට වයස 69ක් බවත් ඇමරිකාව ගොඩනඟන ඩොනල්ඩ් ට්‍රම්ප්ට වයස 73ක් බවත් මැලේසියාව නම් වැටී තිබුණු රට ගොඩගත් මහතීර් මොහොමඩ්ට වයස අවුරුදු 94ක් බවත් පවසන ගම්මන්පිල වැදගත් වන්නේ වයස නොව කොන්දක් තිබේද යන්න බව අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස