පාසල් සිසුන්ට වව්චරය වෙනුවට නිල ඇඳුම්! නිල ඇඳුම් සඳහා රෙදි දේශීය කර්මාන්තකරුවන්ගෙන්!

June 11, 2020 at 7:31 am | by emanisa.lk

පාසැල් සිසුන් සඳහා ලබාදෙන නිල ඇඳුම් වවුචර් පත, අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (10) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි.

ඒ අනුව ඉදිරියේදී නිල ඇඳුම් වවුචර් පත වෙනුවට යළිත් පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

මෙම නිල ඇඳුම් රෙදි දේශීය කර්මාන්තකරුවන්ගෙන් පමණක් ලබා ගැනීමට ද රජය තීරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස