පාලන මිලට බඩු දෙන්න ආණ්ඩුවෙන් “අපේ ගමේ අපේ කඩේ”….! ගමට ම සහන දෙමින් පවුල් 14 000ක් නංවන වැඩක්…!

March 8, 2021 at 1:51 pm | by emanisa.lk

මාර්ග සංවර්ධනයට සමගාමීව සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකට ම නිවසක් හා එයට යාබදව ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර එය “අපේ ගමේ අපේ කඩේ” යන තේමා යටතේ ආරම්භ කරනු ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාව පිටු දැකීම සඳහා වන ජනාධිපති විශේෂ කාර්‍ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂගේ සංකල්පයක් පරිදි කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ දිවයිනේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,022 හි තෝරාගත් එක් මාර්ගයක් සංවර්ධනයේදී නිවසක් හා එයට යාබදව ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙම වැඩසටහන අද (08) දින ආරම්භ කෙරේ. මේ අනුව සෑම ගමකින්ම කාන්තා ව්‍යවසායිකාවක් බිහි කරමින් ආර්ථික ක්‍රියාවලියට ඔවුන්ගේ සෘජු දායකත්වය ලබාගැනීම රජයේ අපේක්ෂාවයි.

ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාවය පිටුදැකීම සදහා වන ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි. “සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙළ අනුව යමින් ගමේ යටිතල පහසුකම් සංවර්ධනය හා අඩු ආදායම් ලාභීන්ගේ ආර්ථිකය නගා සිටුවීම මෙහි අරමුණ වන අතර මෙය ක්‍රියාත්මක කිරීමෙන් පවුල් 14,022 ක ආර්ථිකයද ඉහළ නැංවීමට හැකියාව ලැබෙයි.

මහාමාර්ග අමාත්‍යාංශය, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය, නිවාස අමාත්‍යාංශය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, කාන්තා හා ළමා සංවර්ධන කටයුතු අමාත්‍යාංශය, වෙළඳ
අමාත්‍යාංශය, සමෘද්ධි දෙපාර්තමේන්තුව ඇතුළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස