55ට වැඩියෙන් වී ගත්තට මට කරන්න දෙයක් නෑ! සහල් පාලන මිල වෙනස් කරන්න මම සූදානම් නෑ! – බන්දුල

November 6, 2020 at 9:45 pm | by emanisa.lk

අද දින පොළොන්නරුවේ දී වී මෝල් හිමියන් පිරිසක් මුණ ගැසුණු වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කොට ඇත්තේ තමා විසින් පැන වූ පාලන මිල වෙනස් නො කරන බව ය.

ගොවියාට වැඩි මිලක් ගෙවා ඇති බැවින් එම මිලට කෙසේවත් සහල් ලබා දිය නොහැකි බවට මෝල් හිමියන් ඉදිරිපත් කළ දුක් ගැනවිලි පිළිබඳව අමාත්‍යවරයා සැලකිල්ලක් නොදැක්වූ බව ද වාර්තා වේ. වැඩි මිලට වී ගත්තා නම් පාඩුව විඳ ගත යුතු බවට අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවද වාර්තා වේ.

ඒ අනුව බොහෝ මෝල් හිමියන් වෙළඳපොළට සහල් නිකුත් කිරීම අත්හිටුවීමට සහ මෝල් වසා දැමීමට තීරණය කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ. මෝල් හිමියන්ගේ මතය අනුව සාමාන්‍ය මිලට හෙවත් රු 50ට වී මිල දී ගත්තත් බන්දුල ඇමතිවරයා කියන මිලට සහල් ලබා දීමට කිසිසේත් ම කළ නොහැකි ය.

ඒ අනුව ජනාධිපතිතුමා මැදිහත්වී සාධාරණ පාලන මිලක් පනවා සහල් කර්මාන්තය සහ වී ගොවිතැන බේරා ගැනීමට කටයුතු කළ යුතු බවට මෝල් හිමියෝ ඉල්ලා සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස