පාර්ලිමේන්තුවේ 182ක් දූෂිතයෝ ජාවාරම්කාරයෝ බාර්කාරයෝ! මම ලක්ෂේ නොගත්ත එකම මිනිහා!- රංජන්

January 21, 2020 at 6:14 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ 100 දෙනෙකු අරක්කු බාර් බලපත්‍ර හිමියන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පවසයි.

එසේම පාර්ලිමේන්තුවේ වැලි බලපත්‍ර හිමියන් 75 දෙනෙකු ද එතනෝල් ආනයනය කරන අය 4 දෙනෙක් ද මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් දෙදෙනෙක් ද බුකිකාරයෙකු ද සිටින බව අනාවරණය කළේය. කෙසේ වුවද මේ කිසිවකුගේ නම් ප්‍රකාශ කළේ නැත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප රු. ලක්ෂයකින් වැඩි කළ අවස්ථාවේ ද එය ප්‍රතික්ෂේප කළ එකම මන්ත්‍රීවරයා තමන් බව ද තමන් සියල්ල කළේ හොරු ඇල්ලීම සඳහා බව ද ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස