ඊජිප්තුවත් පරදා ලොව ඉහළම පොලී අනුපාත ලංකාවේ! ඊළඟ ඊජිප්තුව ලංකාව ද?

January 29, 2019 at 11:40 am | by admin

Bloomberg වාර්තා අනුව ලංකාවේ මූර්ත පොලි අනුපාතය 6.02ක් වුවද එය ඊට වඩා ඉහළ අගයක් ගත හැකි බව හිටපු නියෝජ්‍ය මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පවසයි.

මේ නිසා පෞද්ගලික අංශයට ඉහළ පොලියට ණය ගැනීමට සිදුවීමත් ඒ නිසා ලාභ අඩු වීමත් ව්‍යාපාර බිඳ වැටීමත් ආයෝජන අධෛර්යමත් වීමත් නිසා ආර්ථික වර්ධනය තවත් පහළ වැටෙනු ඇතැයි ඔහු වැඩි දුරටත් පවසයි.

Bloomberg පවසන 6.02ක් වන ලංකාවේ මූර්ත පොලී අනුපාතය ලොව ඉහළම මූර්ත පොලී අනුපාතය වන අතර ඊජිප්තුව 4.8, පකිස්ථානය 4.3, ඉන්දියාව 4.3, තුර්කිය 3.7ක් ලෙස මූර්ත පොලී අනුපාත වාර්තා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස