පාකිස්ථානයේ මරාගෙන මැරුණේ මද්‍රාසාවේ උගත් අයයි! ලංකාවේ මද්‍රාසා වහාම තහනම් කරනු! – විමල්

November 23, 2020 at 8:05 pm | by emanisa.lk

අන්තවාදය බෝ කරන ගර්භාසය වන මද්‍රසා පාසල්වලට මෙ රට ක්‍රියාත්මක වීම තහනම් කළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවූ ජනවරමේ බලාපොරොත්තුව මෙ රට අන්තවාදය මුලිනුපුටා දැමීම පමණක් නොව අන්තවාදය බිහිවන ගර්භාෂයන්ද මුලිනුපුටා දැමීම බවයි.

මෙරට ක්‍රියාත්මක මද්‍රසා පාසැල් අන්තවාදය සහ ත්‍රස්තවාදය පතුරුවා හරින බවට දැනට ක්‍රියාත්මක වන කොමිෂන් සභාවල දී සාක්ෂි පවා ලැබී ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.

මුස්ලිම් රටක් වන පාකිස්ථානය පවා මද්‍රාසා පාසල් තහනම් කර ඇති බවත් පාකිස්ථානයේ එල්ල කළ සියලු මරාගෙන මැරුණු ප්‍රහාර එල්ල කළේ මද්‍රාසා පාසල්වල උගත් අය බවත් ඇමැතිවරයා අවධාරණය කළේ ය.

අද (23) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදය අතරතුර දී ඔහු මෙම අදහස් පළ කළේ ය.

කෙසේ නමුත් මීට දින දෙකකට පමණ පෙර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මද්‍රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පවත්වා ගෙන යන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස