ගෝඨා-මහින්ද බහුතර සිංහල ආණ්ඩුවක් හදලා කාති උසාවි මද්‍රාසා පාසල් වහන්නත් හදනවා! මුස්ලිම්වරුනි, සජිත් සමග එක්වන්න! – බාකීර් මාර්කර්….

July 30, 2020 at 4:40 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ වත්මන් රජය මුස්ලිම් නියෝජනයක් නොමැති කැබිනට් මණ්ඩලයක් සාදා ඇති බවත්, මුස්ලිම් කාති උසාවි, මද්‍රාසා පාසල් ආදිය තහනම් කිරීමට උත්සාහ කරන බවත් සමගි ජනබලවේගය නියෝජනය කරන හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර් පවසයි.

“අද මුස්ලිම්වරුන් වැඩිදෙනෙක් ඉන්න ගමකට මං ඇවිත් ඉන්නේ. ඕගොල්ලොන්ට දේශපාලනය මං උගන්නන්න ඕන නෑ. අද මොනවද මේ රටේ වෙන්නේ. හිතලා බලන්න. නිදහස් ලංකාවේ පළවෙනි කැබිනට් මණ්ඩලය මුස්ලිම්වරයෙක් නැති, මොන සිග්නල් එකක්ද දෙන්නේ. මෙහෙම මේ රටට යන්න පුළුවන්කමක් තියෙනවද?

කුරුණෑගල දිස්ත්‍රීක්කයට පොහොට්ටුව මුස්ලිම් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා නෑ. ලංකාවෙම දිස්ත්‍රික්කෙකට, දෙකකට අපේක්ෂකයො ඉදිරිපත් කරලා තියෙනවා. අනිත් තැන්වලට අපේක්ෂකයො ඉදිරිපත් කරලා නෑ. මොකක්ද මේ කරන්න හදන්නේ. ඒ ගොල්ලො දන්නවා මුස්ලිම් ජනතාවගේ බහුතර සහය සමගි ජනබලවේගයත් එක්ක ඉන්නවා කියලා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ආසන වැඩි ගණනක් මුස්ලිම්වරු ලබා ගෙන එයි කියලා හිතනවා.

මුස්ලිම්වරුන්ට තියෙන ලොකුම උසස් අධ්‍යාපන ආයතනය වහන්න කියලා තර්ජන ඉදිරිපත් කරනවා, මද්‍රසා පාසල් වහන්න කියලා කියනවා. ඉතිහාසයේ කවදාවත් නොවිච්ච දේවල්. අනිත් පැත්තෙන් කාති උසාවිය නතර කරන්න කියනවා. මුස්ලිම් නීතිය අපරාධ නීතියක් නෙවෙයි. මොනවද මේ හැසිරෙන විදිය. මම තමුන්වහන්සේලාගෙන් අහනවා මේ විදියට මේ රටට යන්න පුළුවන්කමක් තියෙනවද කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස