අලි සබ්රිගෙන් රට ඉල්ලන්නේ ලක්ෂ්මන් කදිරිගාමර් භූමිකාවයි! – ජනිපෙ උදයශාන්ත ගුණසේකර

August 14, 2020 at 5:58 pm | by emanisa.lk

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට රවූෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි නැති මුස්ලිම් අන්තවාදයට කිසිදු ආකාරයක සම්බන්ධයක් නැති ආණ්ඩුවක් බිහි වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ උදයශාන්ත ගුණසේකර පවසයි.

අධිකරණ ඇමති අලි සබ්‍රි මෙරට වහබ්වාදයට එරෙහිව එය අවසන් කිරීමට කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේය.

ඇමති සබ්‍රි මෙරට මද්‍රාසා පාසල් කාති උසාවි අහෝසි කර එකම නීතියක් ස්ථාපිත කරනු ඇතැයි ද තමා විශ්වාස කරන බව ද ඔහු පෙන්වා දුන්නේය.

එසේ නොවන්නේ නම් මුස්ලිම් අන්තවාදයට අතහිත දෙන්නෙකු අධිකරණ ඇමති ධුරයට පත්කරගෙන වරදක් කළේයැයි යන චෝදනාව සත්‍ය වනු ඇතැයි ද හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

අධිකරණ ඇමතිවරයා එරෙහිව සිංහල සමාජයෙන් විරෝධයක් මතුව ඇතැයි ද එදා දෙමළ සමාජයෙන් මතු වූ ලක්ෂ්මන් කදිරගාමර් මෙන් සිය යුතුකම ඉටු කර එම සැකය දුරු කිරීමේ වගකීම ඇත්තේ ඇමති සබ්‍රිට බව ද ඔහු සඳහන් කළේය.

ස්වර්ණවාහිනි රතුඉර වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

https://www.facebook.com/nidahasperamuna/videos/747846719341528/?epa=SEARCH_BOX

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *