අන්තවාදීන් බෝ කරන ෂරියා විශ්වවිද්‍යාලයක් බේරුවල! මද්‍රාසා පාසල්වල මෙරට නීතියට පටහැනි දෑ සහ ෂරියා නීතිය උගන්වනවා! – ජමාතේ ඉස්ලමියා නායකයා පාපෝච්චරණය කරයි….

February 11, 2020 at 10:41 pm | by emanisa.lk

මෙරට පළමු වන අරාබි විශ්වවිද්‍යාලය බේරුවල පිහිටි ජාමියා නලීම් නැමති විශ්ව විද්‍යාලය අසූව දශකයේ මුල සිට මෙරට ක්‍රීයාත්මක වී ඇති බව ජමාතේ ඉස්ලමියා සංවිධානයේ නායක රාසිම් අබ්දුල් අක්බාර් පවසයි.

මේ බව හෙළිවන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.

ජමාතේ ඉස්ලාම් සංවිධානය වසර 24ක් නායකත්වය දරා ඇති ඔහු 1976 සිට වසර 07ක් බේරුවල ජාමියා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ බව අනාවරණය විය.

මාවනැල්ල බුදු පිළිම කැඩීමට චෝදනා ලැබූ පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරීමට සූදානමින් සිටි සාදික් සහ සාහීඩ් යන සහෝදරයන් දෙදෙනාගේ පියා වන ඊබ්‍රාහීම් මවුලවි නැමැත්තාද බේරුවල මෙම අරාබි පාසලේ අධ්‍යාපනය ලබා ඇති බවද මෙහිදී අනාවරණය විය. ‍

මෙම මද්‍රසා පාසල්වලින් උගන්වනු ලබන දේ අතර ලංකාවේ නීතියට පටහැනි දේවල් ද තිබෙන බවත් මුළුමනින්ම එහි උගන්වන්නේ ෂරියා නීතිය බවද ඔහු සඳහන් කළේය.

ජමාතේ ඉස්ලාමීය සංවිධානයට කුවේට්හි පිහිටි අර්ධ රාජ්‍ය සංවිධානයකින් ද එක්සත් රාජධානියේ සහ කැනඩාවේ අරමුදල් ලැබෙන බවද පැවසීය. ඊට අමතරව මෙම සංවිධානයට සම්බන්ධ මැදපෙරදිග අරාබි රටවල සිටින සාමාජිකයන් මුදල් ලබා දෙන බවද මෙහිද අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස