නොහිතූ විදිහට ලැබුණු මන්ත්‍රීකම ශාපයක් වුණා! ඒ වෙනුවෙන් අවුරුදු ගාණක් නඩු කියන්න අපි සූදානම්! – රතන හිමි

August 13, 2020 at 11:28 pm | by emanisa.lk

මහා මැතිවරණයේදී නොසිතූ ලෙස අපේ ජන බල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අද ශාපයක් බවට පත්ව ඇති බවත් එය ලැබුණාට වඩා නොලැබුණා නම් වඩා යහපත් යැයි දැන් සිතෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.

රතන හිමි මේ බව සඳහන් කළේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හේතුවෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

‘අපි රහත් වෙලා නෑ, අපිටත් පෘතග්ජන ගති තියනවා. වේදිනිගම හාමුදුරුවොන්ව හංගගෙන ඉන්නෙ මමය කියලා ඥානසාර හාමුදුරුවොත් හිතන් හිටියා. ඒත් උන්වහන්සේ දැන් එහෙම හිතන්නේ නෑ. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා මම හිතන්නේ නෑ. ඒ හාමුදුරුවොන්ට පාර්ලිමේන්තු යන්න ඕන හන්දා මේක සැලසුම්සහගතව කළා කියලා හිතනවා. මන්ත්‍රී ධුරය කාට ගියත් වැදගත් වෙන්නේ මතය ඉදිරියට ගෙන යාම.’

‘මාධ්‍ය ආයතනත් මේක ලොකු ප්‍රශ්නක් කරගෙන දඟලනවා. අද මාධ්‍ය ආයතනවලට මතයක් නෑ. ඒක ලොකු ඛේදවාචකයක්. අපේ තියන සමහර අඩුපාඩු පෙන්න පෙන්න අපිව විනාශ කරන්න උත්සාහ කරන්න එපා කියලා මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිනවා.’

‘පිරිසක් ඥානසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තු යන්න ඕන කියනවා. පිරිසක් මම යන්න ඕන කියනවා. මට පාර්ලිමේන්තු යන්න දැඩි ආශාවක් නෑ. අර්බුදය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතුයි. සාකච්ඡාවෙන් විසඳගන්න බැරි නම් අධිකරණයට යන්න ඕන. අධිකරණය විසඳුම් දෙන කොට අවුරුදු ගාණක් යන්න පුළුවන්.’

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *