රතන හිමි සහ ඥානසාර හිමි හැලෙයි! අපේ ජනබලේ ලේකම් හිමි පාර්ලිමේන්තුවට!

August 9, 2020 at 1:34 pm | by emanisa.lk

පසුගිය මහා මැතිවරණයේ දී අපේ ජනබල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ ලේකම් වෙදිනිගම විමලතිස්ස හිමි පත් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම වෙත ලිපියක් යවා තිබේ.

එම ලේකම් හිමියන්ගේ අත්සන සහිතව යොමු කර ඇති එම ලිපිය මගින් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මන්ත්‍රි ධුරය සඳහා නීතිමය එකඟතාව ලබා ගන්නා තුරු තමා අදාළ ධුරයට පත් කරන ලෙසය.

මේ අනුව අතුරලියේ රතන හිමි සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවට වෙදිනිගම විමලතිස්ස හිමි අපේ ජනබල පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දිවුරුම් දෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස