නීතිය විහිළුවක් කරගන්න එපා! බදියුදීන් සහ ඔහුට ආරක්ෂාව දෙන අය වහාම අත්අඩංගුවට ගන්න! – නීතිපති

October 16, 2020 at 7:48 am | by emanisa.lk

නීතිපතිවරයා ලබා දෙන උපදෙස් හා අධිකරණය විසින් නිකුත් කරනු ලබන නියෝග හෑල්ලූවට ලක් නොකර අප‍්‍රමාදව කි‍්‍රයාත්මක කර නීතියේ ආධිපත්‍යය සුරැකීම සඳහා වහාම පියවර ගන්නා ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා ඊයේ (15) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසාද් රණසිංහට නියෝග කළේය.

ඔහු ඊයේ (15) මෙම නියෝගය කළේය.

හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් ඇතුළු සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීම ප‍්‍රමාදවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයා එහි කැඳවා තිබිණි.

පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය දිනාගත හැකි ආකාරයෙන් මිස මහජන විශ්වාසය බිඳී යන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසට ද එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.

යුක්තිය ඉෂ්ට වීම ප‍්‍රමාද වීම මගින් යුක්තිය අහිමි වීමක් සිදුවන බවද එහිදී පෙන්වා දී ඇති නීතිපතිවරයා නීතිය උල්ලංඝනය කරන හිටපු ඇමැතිවරයා ද ඔහුට රැකවරණය ලබා දෙන අයද වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට උපදෙස් ලබාදී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ප‍්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස