රියාද් මුදා හැරීම ගැන පූර්ණ පරීක්ෂණයක්! සියලු ලිපි ගොනු සමග CIDය නීතිපති හමුවට කැඳවයි!

October 12, 2020 at 9:08 am | by emanisa.lk

රියාජ් බදියුද්දීන් නිදහස් කිරීමට අදාළ සියලු විමර්ශන ගොනු සමගින් අද (12) තමා හමුවේ පෙනී සිටින ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ප්‍රධාන විමර්ශන නිලධාරිට කැඳවීමක් නිකුත් කර ඇත.

අදාළ පාර්ශ්ව වෙත නිල වශයෙන් මෙම දැනුම්දීම සිදුකළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිශාරා ජයරත්න සඳහන් කළාය.

‘නීතිපතිවරයාගේ දැනුමින්, අධීක්ෂණයෙන් තොරව රියාජ් බදියුද්දීන් යන අය නිදහස් කළේ කෙ​සේද යන්නත්, විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් සහ අභියාචනාධිකරණයේ ගොනු කළ හේබියස් කෝපුස් නඩු රියාජ් ඉල්ලා අස්කර ගැනීමටත් පසු ඔහු අපරාධ චෝදනාවලින් නිදහස් කිරීමට හේතු වූ කාරණාව පිළිබඳවත් නීතිපතිවරයාගේ අවධානයට යොමු වීමට නියමිතය.’

ඉන් අනතුරුව මෙම නඩුව පිළිබඳව ඉදිරිපත් වන සාක්ෂි අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයා අදාළ පාර්ශ්වකරුවන්ට උපදෙස් ලබා දීමට කටයුතු කිරීමට නියමිත යැයි සම්බන්ධීකරණ නිලධාරිනිය සඳහන් කළාය.

රියාද් බදියුදීන් මුදා හැරි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නුවන් වෙදසිංහට මේ වන විටත් ස්ථාන මාරුවක් ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස