නිරෝධායන මධ්‍යස්ථාන ක්‍රමවේදය අතහැර දැමේ…! නිවසේ ම නිරෝධායනයට…!

October 26, 2020 at 6:55 pm | by emanisa.lk

ඉදිරියට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නො යාමට කිරීමට තීරණය කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරන්නේ පළමු ආශ‍්‍රිතයන් ඉදිරියේදී තම නිවසේ නිරෝධායනයට යොමු කරන බවයි.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂගේ උපදෙස් මත තීරණය ගත් බවත් ඒ අනුව නිවෙස් නිරෝධායන ක්‍රමවේදය ඉදිරියට ක්‍රියාත්මක කරන බවද යුද හමුදාපතිවරයා පැවසී ය.

පළමු පෙළ ආශ්‍රිතයින් සිය නිවෙස් තුළ ම රැඳී සිටින්නු ඇති බව යුද හමුදාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස