කොරෝනා මර්දනයට සාර්ථකම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණේ ලංකාවේ! – හමුදාපති

June 30, 2020 at 8:42 am | by emanisa.lk

සමාජය තුළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 300කට පමණ සීමාකර ගැනීමට හැකි වූයේ කොරෝනා වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රීලංකාව ගෙන ගිය වැඩපිළිවෙළ නිසා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

යුද හමුදාපතිවරයා එහිදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව අනුගමනය කළ ක්‍රමවේදය ලොව වඩාත් සාර්ථක ක්‍රමවේදය බවට බොහෝ දෙනා පිළිගන්නා බවය.

මේ අතර කොවිඩ් – 19 තත්ත්වය පාලනයට ආරක්ෂක හමුදාව මුල් අදියරේදීම යොදවා ගැනීමට ජනාධිපතිවරයා බුද්ධිමත් තීරණයක් ගත් බව ඔහු වැඩිදුටත් පැවසීය.

හමුදාපතිවරයා කියා සිටියේ, චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග මෙරට තුළ ජනාධිපති කාර්යසාධක බලකාය ජනවාරි මස 26 වනදා පත්කළ බවය.

කොරෝනා තත්ත්වය පාලනයට සිදුකරන සම්පූර්ණ ක්‍රියාවලිය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  වැඩිදුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස