අපි කොරෝනා සටන ජයගත්තා! දින 50කින් සමාජයෙන් ආසාදිතයෙක් නෑ! – හමුදාපති

June 23, 2020 at 7:56 pm | by emanisa.lk

බාහිර සමාජයෙන් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවී දින 50 ක් සම්පූර්ණ වූ බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයිිි..

නාවික හමුදාවේ කොරෝනා පොකුරද ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇති බව හෙතෙම සඳහන් කළේය.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිතව පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාවද 1,548 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ, තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමගය.

දින දෙකකට පසුව මෙරටින් කොරෝනා ආසාදිතයෙකු ඊයේ වාර්තා වූ අතර ඔහු පෙරේදා මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකි. ඒ අනුව මේ වන විට මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1951කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස