නිරෝධායන නීති කැඩූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවට අධිකරණයෙන් තහනම් නියෝගයක්!

November 10, 2020 at 12:39 pm | by emanisa.lk

නිරෝධායන නීති නොතකා පවත්වමින් තිබූ මාවනැල්ල ප්‍රාදේශීය සභා මාසික රැස්වීමට එරෙහිව අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

පොලිසිය සිදුකරනු ලැබු කරුණු වාර්තා කිරීමකින් අනතුරුව මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා විසින් අද (10) දින සිට සතියක කාලයක් ගතවන තුරු ප්‍රාදේශීය සභාවේ කිසිදු රැස්වීමක් පැවැත්විය නොහැකි බවට නියෝග කර තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මෙසේ ද පැවසී ය.

“නිරෝධායන නීති නොතකමින් අද දින මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ මාසික රැස්වීමක් පැවැත්වීමට සුදානම් වන තිබු බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණා. එම තොරතුරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම තොරතුර සත්‍ය බවට පොලීසියට බවට පෙනී ගියා. මේ අනුව පොලීසිය විසින් මාවනැල්ල අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව. මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වීම තහනම් කරමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.“

විශේෂයෙන්ම මාවනැල්ල පොලිස් වසම හුදකලා කලාපයක් බවට පත්කර ඇති මොහොතක ප්‍රාදේශීය සභාව රැස්වීම පැවැත්වීම නිරෝධායන නීතිවලට පටහැනි ක්‍රියාවක් වන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස