ඇඳිරි නීතිය සහ නිරෝධායන නීති දේශපාලකයන්ට නෑ! ප්‍රබල දේශපාලන පුත්‍රයාගේ විවාහ මගුල කොළඹ හොටලයක ජයට ම!

October 30, 2020 at 3:56 pm | by emanisa.lk

කොළඹ ඇතුළු බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවා ඇති පසුබිමක ප්‍රබල දේශපාලකයකුගේ පුත්‍ර යෙකුගේ විවාහ මංගල්‍යය අද(30) කොළඹ දී පැවති බව වාර්තා වෙයි.

කොළඹ කොල්ලුපිටිය සුපිරි හෝටලයක මෙම විවාහ මංගල උත්සව ගෙන ඇත්තේ විවාහ, දාන පිංකම් ආදී කිසිදු උත්සවයක් නො පවත්වන ලෙස පොලිසිය නිවේදනය කර ඇති පසුබිමක ය.

ජනාධිපතිවරයා ද බස්නාහිර පළාතේ මංගල කටයුතු හෝ ආගමික කටයුතු සංවිධානය නො කරන ලෙස දැනුම් දී තිබිණි.

මේ අනුව රටේ ඇඳිරි නීතිය සහ නිරෝධායන නීති වලංගු වන්නේ සාමාන්‍ය ජනතාවට පමණ යන්න සමාජ මාධ්‍යවල විමසමින් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස