නව ව්‍යවස්ථාවක් යටතේ බලය බෙදනවා! බහුතර බලයක් නැති නිසා තවම බැරිවුණා! – අගමැති යාපනේ දී කියයි…

September 8, 2019 at 1:10 pm | by emanisa.lk

පළාත් සභා සතු බලතල තවදුරටත් වැඩි කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

නව ව්‍යවවස්ථා සංශෝධනය යටතේ බලය බෙදීම ඔස්සේ අදාළ බලතල වැඩි කිරීම සිදුකළ යුතු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

යාපනය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

පාර්ලිමේන්තු බහුතරය නොමැති වීමෙන් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට නොහැකි වු බව ප්‍රකාශ කළ අගමැතිවරයා එසේ වුවද බලය බෙදා හැරීම පිළිබඳ එකඟත්වය ඇතිව ව්‍යවස්ථාදායක මණ්ඩලය කැඳවා සාකච්ඡා කර ඒ පිළිබඳ වාර්තා ඉදිරිපත් කර ඇති බවත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස