විශ්වවිද්‍යාල සිසුන් ශිෂ්ට කරන්න ‘ආවා ගෘප්’ සූදානම්! යාපනේ වහාම රැග් නවතන්නැයි නියෝග නිකුත් කරයි!

April 10, 2019 at 5:26 pm | by admin

යාපනය විශ්වවිද්‍යාලයේ නවක සිසුන්ට නවකවදය දෙන සිසුන්ට දඬුවම් දෙන බවත් එහෙයින් වහාම නවකවදය නවත්වන ලෙසත් දැනුම්වත් කරමින් ආවා කල්ලිය විසින් යාපනය විශ්වවිද්‍යාලයේ පෝස්ටර් කිහිපයක් අලවා ඇත.

යාපනය විශ්වවිද්‍යාලයේ කලා අංශයේ ගොඩනැගිල්ලක ස්ථාන කිහිපයක ඊයේ (09දා) රාත්‍රියේ මෙම පෝස්ටර් අලවා තිබූ අතර භට ප්‍රතිචාර ලෙස යාපනය විශ්ව විද්‍යාලය හා නැගෙනහිර විශ්වවිද්‍යලයන්හි ශිෂ්‍ය සංගම් විසින්ද යාපනය විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා නොදෙන බව ප්‍රකාශ කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ කලා අංශයේ අදාළ ගොඩනැගිලිවල අද (10)දා උදෑසන පෝස්ටර් ඇලවීමට කටයුතු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස