අන්තරේට අදත් ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්!

August 28, 2019 at 4:07 pm | by emanisa.lk

විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

සිසුන් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

සරසවි සිසු විරෝධතා හේතුවෙන් කොටුව ලෝටස් මාර්ගය ද තාවකාලිකව වසා දැමීමට සිදු විය.

පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් එලෙස විරෝධතාවයේ නිරත වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *