දේව මණ්ඩලය අනාගත ජනාධිපතිවරණ ප්‍රතිඵල කලින්ම කියයි! පොළොන්නරුවේ එජාප මැති ඇමතිලා හිතහදා ගනී!

October 26, 2019 at 4:01 pm | by emanisa.lk

රජරජ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දෛවඥයකු පසුගියදා දේව මණ්ඩලයට ආරාධනා කර එළඹෙන ජනාධිපිතිවරණය පිළිබඳ විමසා තිබේ.

එහිදී දේව මණ්ඩලය ලබා දුන් පිළිතුරු රහසක් ලෙස තබා ගැනීමට දෛවඥයා අදිටන් කරගෙන සිටිය ද නිතර තමා වෙත පැමිණෙන මැති ඇමතිවරුන්ගේ පෙරැත්තය නිසා අදාළ රහස කිසිවකුට නොකියන පොරොන්දුව පිට ඔහු හෙළිකර තිබේ.

රහස හෙළිකර ඇත්තේ පොළොන්නරුවේ එජාප මන්ත්‍රී නාලක ප්‍රසාද් කොලොන්නේ වෙත බව ද වාර්තා වෙයි. ඔහු සිය පොරොන්දුව කඩකරමින් මේ රහස වසන්ත සේනානායකට ද පවසා තිබේ.

“මචං මෙයා මෙතෙක් කියපු කිසි දෙයක් වැරදිලා නෑ. මම ඉහළින් ලැබෙන මුදලක් මිස අතේ තියෙන තුට්ටු දෙක නම් වියදම් කරන්නේ නෑ” යැයි ද ඔහු පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස