දෙමළ පක්ෂ අතර දෙමළ ඡන්ද මල්ලට සීතල යුද්ධයක්! මනෝ ගනේෂන්ලා උතුරින් ඡන්දය ඉල්ලන්න සූදානම්!

January 3, 2020 at 11:50 am | by emanisa.lk

ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වන්නි සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට තරග කරන බව එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

උතුරු නැගෙනහිර ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් මත මේ තීරණය ගත් බවත් ඒ වෙනුවෙන් අශ්‍ය වැඩපිළිවෙල මේ දිනවල කරගෙන යන බවත් ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරන් නායකත්වය දරන ජාතික කම්කරු පෙරමුණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් නායකත්වය දරන කඳුරට ජනතා පෙරමුණ යන පක්ෂ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරයි.

දෙමළ සන්ධානය මෙවර කොළඹ ගම්පහ ඇතුළු උතුරු නැඟෙනහිරින් පිටත ප්‍රදේශ කිහිපයකට සිය අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති අතර දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඊට එරෙහි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස