දුෂිතයන්ට නාමයෝජනා දීලා ජනතාවට එළවන්න කියන්න එපා! හොඳ අය ගොඩක් ඉන්නේ ජවිපෙ!-මල්වතු නාහිමි

February 1, 2020 at 4:37 pm | by emanisa.lk

නාමයෝජනා හිමිවන දූෂිත පුද්ගලයන් පවා පාර්ලිමේන්තුවට යැවීමට ඡන්ද දායකයන් කටයුතු කරන නිසා දූෂිත පුද්ගලයන්ට නාම යෝජනා ලබා නොදිය යුතු යැයිද දුෂිත නොවු හොඳ අය ගොඩාක් ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණේ බවද මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් පවසති.

පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් කෙරෙහි ජනතාව තුළ ප්‍රසාදයක් නොමැති බවත් නීතිවිරෝධී කටයුතුවලට සම්බන්ධ වූවන්ට අපේක්ෂකත්වය ලබා නොදීමට කටයුතු සම්පාදනය විය යුතු යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සමඟ මහා නායක හිමියන් මේ බව කීහ.

ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂ අපේක්ෂකයන් සඳහා නිර්දේශිත මාර්තු 12 ප්‍රකාශනය පිළිබඳව දැනුවත් කිරීම සහ එහි පිටපතක් භාරදීම සඳහා මල්වතු මහ විහාරීය නිල ආරාමයට පැමිණි රෝහණ හෙට්ටිආරච්චි මහතා හමුවේ මහා නායක හිමියෝ තවදුරටත් මෙසේ සඳහන් කළහ.

“ඉකුත් සමයේදීද ප්‍රකාශන සඳහා මහජන නියෝජිතයන් එකඟ වුවත් එය අනුගමනය කරන තත්ත්වයක් දකින්න ලැබුණේ නැහැ. දූෂිත පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත් නොවිය යුතු බව අපේ මෙන්ම කාගේත් අදහසයි. නමුත් පවතින මැතිවරණ ක්‍රමය නිසා නීතිවිරෝධී කටයුතු පවා සිදුකළ දූෂිත පුද්ගලයන් පාර්ලිමේන්තු වරම් ලබා ගැනීම කරනවා.

මැති ඇමතිවරුන් තමන්ට ලබා දෙන්නේ කුමන පහසුකම්ද යන්න පිළිබඳව සිතන ජනතාව වරප්‍රසාද වරදාන අපේක්ෂාවෙන් ඔවුන් පාර්ලිමේන්තුවට පත් කරනවා. එය ජනතාවගේ වරදක් නොවෙයි. පවතින ක්‍රමය වෙනස් විය යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස