දුමින්දට සමාව ඉල්ලා විපක්ෂයේ 05කුත් අත්සන් කරලා!

October 26, 2020 at 9:40 am | by emanisa.lk

මරණීය දණ්ඩනය ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව ලබා දෙන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාට යොමු කිරීම සඳහා අස්සන් තැබූ පෙත්සමට සමගි ජන බලවේගය නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ද අස්සන් තබා ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරයි.

මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, වී. රාධක්‍රිෂ්ණන්, අරවින්ද් කුමාර් සහ තවත් මන්ත්‍රීවරයෙක් මෙසේ ආණ්ඩු පක්ෂය සමඟ එක් වී දුමින්දට ජනාධිපති සමාව ලබා දීම සඳහා යොමු කළ පෙත්සමට අත්සන් තබා ඇතැයි පෙර කී දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පිරිස දෙමළ ප්‍රගතිශීලී සන්ධානය TPA ලෙස පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ තරඟ කළ කණ්ඩායම වේ. කෙසේ වුව ද ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් මේ සඳහා අත්සන් කළ බව සඳහන් වුව ද ගෙවිඳු කුමාරතුංග, සුරේන් රාඝගවන් ආදීන් අත්සන් තබා නොමැති බව ද පැවසෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස