දිස්ත්‍රික් නායකයා ලෙස මාතරින් එජාපය දිනවනවා! – මංගල

February 18, 2020 at 12:03 pm | by emanisa.lk

මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස මෙවර ද එජාප කණ්ඩායම වෙනත් පෙරමුණක් ඔස්සේ ජයග්‍රහණය කරා මෙහෙය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.

2013 වසරේ පමණ දේශපාලන හේතු මත තමන්ට එරෙහිව පොලිසිය ගොනු කළ නඩුවක් අවුරුදු ගණනක් තිස්සේ අද දක්වා ඇදී ඇති බව ද හෙතෙම පැවසීය.

එජාප ආණ්ඩු සමයේ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළ නිසා මේ නඩුව අදත් ක්‍රියාත්මක වන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මංගල සමරවීරට එරෙහිව පවතින නඩුවකට පෙනී සිටීම සඳහා අධිකරණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස