රටේ ජල මූලාශ්‍ර රැකගන්නට මධ්‍යම පළාත් ආණ්ඩුකරු පෙරට එයි! ෆයිනස් වෙනුවට දේශීය ගහකොළ සිටුවීමේ වැඩිපිිළිවෙළක්!

June 9, 2019 at 12:58 pm | by emanisa.lk

මධ්‍යම පළාතේ ජල මූලාශ්‍ර සිදීයාමට බලපෑ ෆයිනස් වගාව ඉවත්කර දේශිය පැල රෝපණය කිරිමේ වැඩපිළිවෙළක් මහනුවර දොරමඩලාවෙන් ආරම්භ කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර අධිනිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

මේ වනවිට පළාතේ කඳු මුදුන්වල අක්කර 40000ක් ෆයිනස් වගා කිරීමෙන් ජල මූලාශ්‍ර සිඳී පළාත් වාසින්ට උග්‍ර පානීය ජල හිගයකට මුහුණපෑමට සිදුව ඇති බව 07 දා මාතලේ ප්‍රාදේශිය සභා පරිශ්‍රයේදී පැවැති ජන හමුවකදී පැවසීය.

ෆයිනස් වගාව නිසා ජල උල්පත් සිඳී පානීය ජලය පවා සොයාගත නොහැකි තැනට ජනතාව පත්ව ඇතැත් මෙම කාර්යයට ඇතැම් රාජ්‍ය නිලධාරීන් අකුල් හෙළන බව ද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

ජල මූලාශ්‍ර සංරක්ෂණය සඳහා පැල 12500 ක් බෙදාදීම අරමුණු කොට මාතලේ ප්‍රාදේශිය සභාවේ සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතා විසින් මෙම ජන හමුව සංවිධානය කර තිබුණි. ආණ්ඩුකාකර සංකල්පයක් අනුව කොට්ඨාශය තුළ පැල 25000 ක් රෝපණය කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස