තොණ්ඩමන් අද අවසන් වරට පාර්ලිමේන්තු එයි!

May 28, 2020 at 7:51 am | by emanisa.lk

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන 31 වනදා හැටන් නෝවුඩ් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතය.

පෙරේදා (26) පස්වරුවේ හටගත් හෘදයාබාධයක් හේතුවෙන් ඔහු බත්තරමුල්ල,තලංගම රෝහලට ඇතුලත්කරන විටත් මියගොස් සිටියේය.

අභාවප්‍රාප්ත තොණ්ඩමන්ගේ දේහය පෙරේදා රාත්‍රියේ බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරුණු අතර ඊයේ උදෑසන  ඔහු පදිංචි බත්තරමුල්ල, කුඹුක්ගහදූව මාවතේ පිහිටි නිවස වෙත ගෙන ආවේය.‍

තොණ්ඩමන්ගේ දේහය අද (28) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ගොස් රාජ්‍ය ගෞරව සහිතව එහි පැය කිහිපයක් තැන්පත් කර පසුව කොළඹ 03, මල්වත්ත පාරේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ තැන්පත් කරන බව අවමංගල්‍ය කමිටුව සඳහන් කළේය.

එළැඹෙන 29 වනදා ඔහුගේ කොත්මලේ රම්බොඩ පිහිටි නිවස වෙත දේහය රැගෙන ගොස් 30 වනදා කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ තැන්පත් කරනු ඇත.

ආරුමුගන් තොණ්ඩමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන 31 වනදා හැටන් නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස