කුමන බාධක ආවත් ඌවේ දෙමළ පාසල්වලින් සිංහල ගුරුවරු පන්නනවා!

February 6, 2019 at 5:25 am | by admin

ඌව පළාතේ දෙමළ පාසල්වල දෙමළ භාෂාව කතා කළ නොහැකි සිංහල ගුරුවරුන් හඳුනා ගැනීම සඳහා කමිටුවක් පත් කරන බව ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් පවසයි. ඒ සඳහා සිය අමාත්‍යංශයේ ලේකම්වරයකු ප්‍රමුඛ කමිටුවක් පත් කෙරේ.

අමාත්‍යවරයාගේ මෙම තීරණයට එරෙහිව බොහෝ විරෝධතා මතු වූ අතර ජාතිවාදය වපුරන ව්‍යවස්ථා විරෝධි ඌවේ දෙමළ අධ්‍යාපන අමාත්‍යංශය වහා අහෝසි කළ යුතු බවත් නො එසේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවත් ලංකා ගුරු සංගමය අනතුරු ඇඟෙව්වේය.

කෙසේ වුවද සිය තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බවත් කුමන බාධක පැමිණිය ද සියලු සිංහල ගුරුවරු මාරු කරන යවන බව ද සිය අමාත්‍යාංශයේදී අද (5)විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් තොන්ඩමන් අමාත්‍යවරයා මේ බව පැවැසීය. ලංකාවේ කිසිම පළාතක නොමැකි මෙම අමාත්‍යංශය බිහි වන්නේ ඌවේ මහ ඇමතිවරයා විදුහල්පතිනියකට තර්ජනය කිරීමේ සිද්ධියේ ප්‍රතිඵලයක් ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස