කවුරු කුමක් කීවත් තවමත් රජුන් තනන්නා මමයි! – තොණ්ඩමන්

January 13, 2020 at 4:09 pm | by emanisa.lk

කවුරු කුමක් කීවත් තවමත් මේ රටේ රජුන් තනන්නා තමා බව වතු, යටිතල පහසුකම් හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් පවසයි.

මහනුවර මහවැලි රීච් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ වතුකරයේ ජනතාවට මුවා වී රජුන් තනන්නන් වීමට ඇතැමුන් උත්සාහ කළත් වතුකර ජනතාව එම අවස්ථාවාදී දේශපාලකයන්ගේ උත්සාහයන් ව්‍යර්ථ කළ බවය.

කටමැත දොඩවන ඇතැමුන් රාජ්‍ය බලය, දේශපාලන බලය, තම අමාත්‍ය බලය පෙන්වමින් ජනතාව රවටා, ඔවුන්ගේ ඡන්දය පැහැර ගැනීමට උත්සාහ කළත් පසුගිය මැතිවරණයෙන් කඳුකරයේ පළාත් පාලන ආයතන 12කින් 11කම බලය ලබාගැනීමට තමා සමත් වූ බවත්, ජනතාව සිටින්නේ කා සමගද යන්න ඉන් හෙළිවන බවත් හෙතෙම සඳහන් කළේය.

මෙතෙක් වතුකරයේ දෙමළ ජනතාවට දැනෙන සේවයක් ඉටුකළේ මහින්ද රාජපක්ෂ බවත්, මෙම අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂගේ සහායද ලබාගනිමින් එම සේවය තව තවත් ප්‍රවර්ධනය කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස