ආරුමුගම් තොණ්ඩමන්ගේ පුරප්පාඩුවට ඔහුගේ පුත් ජීවන්!

May 28, 2020 at 7:31 am | by emanisa.lk

ආරුමුගම් තොණ්ඩමන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂකත්වය ඔහුගේ පුත්‍රයා වන 24 හැවිරිදි ජීවන් තොණ්ඩමන් වෙත ලබාදෙන්නැයි ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩලය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ඊයේ (27) ඉල්ලා සිටියේය.

ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩලය රැස්ව ගත් මෙම තීන්දුව සම්බන්ධයෙන් ඊයේ සවස කොළඹ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසට පැමිණ අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කළ එහි සාමාජිකයෝ මෙම ඉල්ලීම කළහ.

ආරුමුගම් තොණ්ඩමන් නායකත්වය දැරූ ලංකා කම්කරු කොංග්‍රසය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජිකයකු ලෙස කටයුතු කළ අතර තොණ්ඩමන් එම සන්ධානය නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයට නාමයෝජනා භාර දී තිබුණේය.

ඔහුගේ හදිසි අභාවය හේතුවෙන් එම අපේක්ෂකත්වය මේ වන විට පුරප්පාඩු වී ඇති අතර ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩලයේ දේශපාලන මණ්ඩල සාමාජිකයන්ගේ අදහස වී ඇත්තේ ඒ සඳහා සුදුස්සා ජීවන් තොණ්ඩමන් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *