වතුකරයේ දෙමළ සිසුන්ටත් රහසේම ඉස්ලාම් විශ්වවිද්‍යාලයක් දාලා! දෙමළ සිසුන් 500කට ඉරාන විමුක්තිය උගන්නලා!

May 6, 2019 at 11:00 am | by admin

මුස්ලිම් සිසුන් ප්‍රතික්ෂේප කළ ආරාබි භාෂාව වතුකරයේ සිසුන්ට ඉගැන්විමට කටයුතු කර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ඌව පළාත් සභා අමාත්‍යය සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසයි.

සෙන්දිල් තොණ්ඩමන් මහතා හැටන් කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදි විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් ඊයේ (05) මේ බව ප්‍රකාශ කළේය.

අල් මුස්තෆා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ලෙස හඳුන්වා දෙමින් ඌව පළාත තුළ ඉරාන විමුක්තිය කියා දෙමින් වතුකරයේ සිසු සිසුවියන් 500 දෙනෙකුට සහ මුස්ලිම් සිසු සිසුවියන් 20 දෙනෙකුට එම විශ්වවිද්‍යාලය තුළ අධ්‍යනය කටයුතු සිදු කර ඇති බව බව සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසයි .

ඉරාන විමුක්තිය මුස්ලිම් කුරානයට පටහැනි නිසා මුස්ලිම් සිසුන් එම අධ්‍යනය කටයුතුවලින් ඉවත් වු බවත්, වතුකරයේ සිසු සිසුවියන් පමණක් එහි අධ්‍යනය කටයුතු සිදු කරමින් සිටි බවත් ඒ මහතා පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස