තේ කර්මාන්තය නංවන්න මිලියන 500ක ණයක්! තේ ප්‍රමිතිය නංවන්න නව වැඩපිළිවෙළක්!

January 22, 2020 at 12:46 pm | by emanisa.lk

මේ වන විට තරමක් පහත වැටී ඇති තේ අපනයනය ඉහළ නැංවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම ගරු අමාත්‍ය රමේෂ් පතිරණ, තේ වැවිලි කරුවන්ගේ සංගමය සහ තේ කම්හල් හිමියන්ගේ සංගමය සමග සාකච්ඡා කර තිබේ.

එහිදී තේ නිෂ්පාදනය වැඩි දියුණු කරගැනීම සඳහා රු මිලියන 500 ක ණයක් න බැංකුව හා සමග සාකච්ඡා කොට ලබා දීමට තීරණය තිබේ.

එහිදී තේ කර්මාන්තශාලා ප්‍රතිසංස්කරණය, නැවත වගවාව සහ නව වගාව වැඩිදියුණු කිරීම පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු කිරීමට කටයුතු යොදා ඇත.

එසේම HAACP, ISO වැනි තත්ත්ව සහතික අනුව අපනයන තේවල ගුණාත්ම බව ඉහළ නැංවීමට නව වැඩ පිළිවෙළක් ඉදිරියේ දී දියත් කිරීමටත් බලාපොරෙත්තු වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස