තිලංග නැවත ශ්‍රිලනිපයට රිංගා තනතුරක් ගන්න වැඩ! ශ්‍රිලනිප බහුතරය තිලංග ගත්තොත් පක්ෂයෙන් යන්න සූදානම්!

September 17, 2020 at 8:36 pm | by emanisa.lk

පොදුජන පෙරමුණෙන් පසුගිය මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කොට පරාජය වූ තිලංග සුමතිපාල යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වී එහි නිලයක් ලබා ගැනීමට උත්සාහ කරන බව වාර්තා වෙයි.

කෙසේ වුවද ඔහු නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ කර ගැනීමට ශ්‍රිලනිපයේ බහුතරයකගේ විරෝධය එල්ල වී තිබේ.

ඔහු යළිත් පක්ෂයට සම්බන්ධ කර ගන්නේ නම් තමන්ද තීරණයක් ගන්නා බව මෙම පිරිස පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන ද දැනුම්දී තිබේ.

පසුගිය මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කිරමින් තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ගාමිණී තිලකසිරි හා ජීවන් කුමාරතුංග අපේක්ෂක ලැයිස්තුවෙන් කපා තිබෙන්නේ තිලංග සුමතිපාල බවට චෝදනා එල්ල වී තිබේ.

මේ වන විට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ද තිලංග සමඟ සමීප සම්බන්ධතාවක් නොපවත්වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ද තිලංග සමඟ කිට්ටු සබඳතාවක් නොපවත්වන බව ද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස