ජාතික ලැයිස්තුව අහෝසි කර අරගලකරුවන් 29ක් පාර්ලිමේන්තුවට..! අරගලයෙන් අලුත් ආණ්ඩුවක් හදන්න සැලසුම්..!

July 11, 2022 at 12:27 pm | by emanisa.lk

‘ බුද්ධිමත්ව කියවන්නන් සඳහා පමනයි ‘
දැන් අරගලයේ ඊලඟ පියවර කුමක්ද ? එය තීරණය කල යුත්තේ අරගල කරුවන්මයමෙහිදී සිදුවිය හැකි දේවල් ගැන සඳහනක් කරන්නේ අවසානයේ හොඳ හෝ නරක පල විපාක දෙකම දරන්නට වන්නේ ජනතාවට නිසාය.

ඊයේ පැවති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ඔවුන් බහුතරය ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉල්ලා අස්වී කතානායක වරයා තාවකාලික ජනාධිපති ලෙස පත් කර ගත යුතු බවය.

පලපුරුදු දේශපාලනඟයෙක් වන අගමැතිවරයාගේ මතය වී ඇත්තේ අගමැතිවරයා ඉල්ලා අස්විය යුත්තේ පාර්ලිමේන්තුව රැස්වූවාට පස් බවය. මෙහි නීත්‍යානුකූල ත‍ර්කයක් ඇති බව සිහිබුද්ධියෙන් විමසා බැලුවොත් වටහා ගත හැක. අපේ ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා ඉල්ලා අස්වූ වහාම කැබිනට් මන්ඩලය විසිරේ. ලේකම් වරු බල රහිත වේ. කොටින්ම කියනවා නම් ජනාධිපත්වරයා හැරුන විට සමස්ථ රාජය යාන්ත්‍රණයටම වගකිව යුත්තෙක් , බලධාරියෙක් නැතිවේ.
වත්මන් ජනාධිපති වරයා තම පදවියේ වගකීම් ඉටු නොකරන අවස්ථාවක අගමැතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වුව හොත් රට අරාජික වේ. හමුදාවට පොලීසියට අණ දෙන්නට, අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන්නට, හදිසි අවස්ථාවකට මුහුණ දෙන්නට කිසිවෙක් නැති තත්වයක් තුල ජනතාවට ආපසු හැරි “ආන්ඩුව මේවාට වගකියන්නට ඕනේ” හෝ ” උබල මේවා බලා ගන්න ඕනේ” කියන්නට ආන්ඩුවක් නැති වේ.

ලංකාව තුල අපි මොනවා කලත් තෙල් ටික ගෑස් ටික ගෙන්නා ගන්නට ඩොලර් නැතුව කල නොහැක. මසකට මේ සඳහා ඩොලර් මිලියන 500 ක් පමන අවශ්‍ය වුනත් අනෙක් වියදම් අතහල විට මසකට රජය සතුව මේ සඳහා එකතුවන්නේ ඩොලර් මිලියන 150 ක පමන සුළු ප්‍රමාණයකි. මේ ආකාරයට රට මුහුණ දී තිබූ විශාල ඩොලර් අර්බූධය ජනාධිපති වරයා, අගමැතිවරයා කැබිනට් මන්ඩලය ඉවත් වීමෙන් පමනක් විසදෙනවාද ? නව ජනාධිපති කෙනෙක් පත් නොවී අළුතින් කැබිනට් මන්ඩලයක් පත් කරන්නේ කවුද ?

ජාතික ලැයිතුවේ සිටිනා 29 දෙනා ඉල්ලා අස්වී ඒ වෙනුවට අරගල කරුවන් යෝජනා කාරනා 29 දෙනෙක් පිටින් ගෙනැවිත් කැබිනට් මන්ඩලයක් පිහිටවන යෝජනාවක්ද ඉදිරිපත් වී ඇත. බැලූ බැලමට ආකර්ශණීය මේ යෝජනාව ක්‍රියාත්මක කරන්නේ කෙලෙසද ? පලමු ප්‍රශ්ණය ජාතික ලැයිතුවට පත් කල මංත්‍රීවරයෙක් තමුන්ම ඉල්ලා අස්වුවහොත් මිස ඔහුට හෝ ඇයට ඉල්ලා අස්වෙන ලෙස බල කිරීමට ව්‍යවස්ථාව අනුව කිසිදු පක්ෂයකට බලයක් නැති වීමයි. ඒ අනුව ඔවුන් ඉල්ලා අස්කරවා ගන්නේ මරණීය තර්ජනයෙන්ද ? ගෙවල් ගිනිතබාද ? එවැනි ප්‍රචන්ඩ විසඳුමක් රට ඉල්ලනවාද ? එසේ කලහොත් ආයෙත් සම්මත් ජාතියකට ලෝකයෙන් අපට උදව්වක් ලැබෙනවාද ?

දැන් ඉතින් කාට කාටත් දේශපාලනය එපා වී තිබෙනා නිසා , විශේෂයෙන්ම මේ අවාසනාවන්ත රටේ දේශපාලනයට ඇවිත් කරගත් මෝඩ කමක් කියා සිතනා උගත් ජාතික ලැයිස්තු මංතීවරුන්වත් ඉල්ලා අස්වී පුරප්පාඩු ඇති වුනොත් අරගල භූමියෙන් ඒ පුරප්පාඩු පුරවන්නට සුදුස්සන් තෝරා දෙන්නේ කවුද ? ඒ සඳහා පහසුවෙන් පොදු එකඟතාවකට පැමිණිය හැකිද. මේ එකඟ තාවය ඇතිවී ඔවුන් පාර්ලිමේන්තුවට ආපසු ඒ ඒ අයට දෙන කැබිනට් තනුතුරු තීරණය කරන්නේ කවුද ? මේ සමස්ථ ක්‍රියාවලිය සිදුවන තුරු රට අරාජිකව පවතින නිසා ඒ කාලය තුල තෙල් ටික ගෑස් ටික විදුලිය ඇතුලු අත්‍යාවශ්‍ය සේවා සැපයීමේ වගකීම ගන්නේ කවුද ?

ඉතිහාසය අපට දැනුම් සම්බාරයක් සපයයි. ලෝකයේ‍ අරගල වලින් ආන්ඩු පෙරලු අවස්ථා ඕනෑ තරම් ඇත. අරගලයේ නියමුවන් දැන් කල යුත්තේ ඒ රටවල් ඉන් පසු සිදු වී ක්‍රියාදාමයන් හොඳින් අධ්‍යයනය කොට තම යෝජනා ඉදිරිපත් කිරීමයි.
තිරසාර විසදුමක් නොමැතිව පවතින ව්‍යවස්ථාවට පිටින් කටයුතු කිරීමේ ප්‍රතිපල ඉතා බයානක විය හැක .

හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස