ගාලු මුවදොර අරගලේ නිර්දේශපාලන නෑ…! ජනපති යන තුරු අරගලේ නවතන්න අපෙන් ඉඩක් නෑ…! – ජවිපෙ…

April 13, 2022 at 9:46 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූරයෙන් ඉවත් වන තුරු ගාලු මුවදොර විරෝධතාව නතර කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ඉඩ නොතබන බව ටිල්වින් සිල්වා පවසයි.

අගමැතිවරයා විරෝධතාකරුවන්ට සාකච්ඡා සඳහා ඇරයුම් කර ඇති බවත් පාලකයින් සමග කිසිදු සාකච්ඡාවක් සිදු නොකරන බව ද ඔහු අවධාරණය කළේය.

ඒ් සඳහා ශක්තිය ලබා දීම සඳහා මහා පෙළපාළියකින් කළුතර සිට 17, 18 සහ 19 දින ගාලු මුවදොරට තමන් පැමිණෙන බව ද ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි.

නිර්දේශපාලන අරගල නොමැති බවත් ප්‍රශ්නය මෙන් ම අරගලය ද දේශපාලනික යැයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *