ගාලු මුවදොර අරගලය බෞද්ධ විරෝධී සටනක් වෙලා…! – විමල්….

May 2, 2022 at 1:56 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ආණ්ඩුවට එරෙහිව කොළඹ ගෝල්ෆේස් පිටියේ අඛණ්ඩව සිදුකරගෙන යන අරගලය බෞද්ධ විරෝධී අරගලයක් බවට පත්වෙමින් තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

“ගාලු මුවදොර අරගල බිමක් කියලා එකක් තියෙනවා. ඒ අරගල බිම තෙල් නැතිකමට ඇතිවෙච්ච අරගල බිම, විදුලි කප්පාදුවට එරෙහිව ඇතිවෙච්ච බිම, ගෑස් හිඟය නිසා ඇතිවෙච්ච පීඩාව විසින් කැඳවනු ලැබූ බිම.

එතැනින් නොනැවතී අද ඒ බිම බෞද්ධ විරෝධී සටන් පාඨ ඔසවා තබන බිමක් බවට පත්වෙමින් තිබෙනවා. බණ්ඩාරනායක මහත්තයාගෙ ප්‍රතිමාවෙ ඇස් කළු පටියකින් ගැටගහන තැනක් බවට පත්වෙලා තිබෙනවා. මේ අර්බුදය විසින් සාමාන්‍ය තත්වයකදී මිනිසා තෝරා නොගන්නා උත්තර මේ අර්බුදය විසින් ඇතිකර තිබෙන විෂම තත්ත්වය හේතුකොට ගෙන ඇතැමුන් තෝරාගන්නා තැනට පරිවර්තනය වෙමින් තිබෙනවා.

මේ අර්බුදය අරාජිකත්වය බවට පෙරළෙන්න නොදී අර්බුදය විසින් ආණ්ඩුව පළවා හැරියත් රාජ්‍යය පළවා නොහරින තත්ත්වයකට මෙය පත්කරගත යුතුව තියෙන්නෙ එහෙම නිවැරදි කියවාගැනීමක් නිවැරදි දැක්මක් ඇතුව මේ අර්බුදයේදී කටයුතු කළොත් පමණයි.”

හිටපු ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (01) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති තම පක්ෂයේ මැයි දින සැමරුම අතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *