ජාතික ආර්ථිකයක් ගොඩනඟන ආණ්ඩුවේ ගමන තල්ලුවක්! වාර්ෂිකව මිලියන 65ක් වැයකර ගෙන්වූ ගැබාපෙන්ටින් මෙරට ම නිපදවීම අරඹයි!

September 16, 2020 at 8:54 pm | by emanisa.lk

අලුත්ත් රටට අලුත් බෙහෙත් වැඩසටහන යටතේ ඖෂධ නිෂ්පාදන, සැපයුම්‍ හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පළමු ඖෂධය රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ දී අද (16) නිකුත් කෙරිණි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) මගින් එලෙස නිපදවනු ලැබුවේ ස්නායු රෝග සඳහා යොදා ගන්නා ‘ගැබාපෙන්ටින්’ නමැති ඖෂධයක් වන අතර එය මේ දක්වා මෙරටට ආනයනය කෙරිණි.

පුද්ගලික අංශය මඟින් රුපියල් මිලියන 50ක් සහ රාජ්‍ය අංශය මඟින් රුපියල් මිලියන 15ක් ලෙස වාර්ෂිකව රුපියල් මිලියන 65ක් ඒ සඳහා වැය කෙරිණි. මින් ඉදිරියට එම ඖෂධය ආනයනය කිරීමේ අවශ්‍යතාවක් පැන මතු වන්නේ නැත.

ඖෂධය වෙළෙඳපොළට ලබාදීම අද (16) රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයේ දී ඖෂධ නිෂ්පාදනය, බෙදාහැරීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස